බස් එකෙන් ගෙදර ඒම.

ඉඳල හිටල මමත් බස් එකෙන් තමයි ගෙදර යන්නෙ. මහත්තය කාර් එක හදා ගන්න ගියාම මම බස් එක අරගෙන ගෙදර යනව.

අදත් ඒ වගේ තමයි මම ගමේ ආවෙ. මහත්තය මාව පිටකොටුවෙන් දාල ගිය වෙලේ ඉඳන් මම ගමන් කරන්නෙ අමුතුම පාරක. ත්‍රාසජනක පාරක.පොඩිම පොඩි පටු පාරක්! දෙපැත්තෙ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට කඩ. එක කඩයක් පුරවල CD. තව කඩයක පොළොවෙ ඉඳන් උඩටම දොඩම් ගෙඩි. තව කඩයක කඩචෝරු පුරවල දාල. පාරේ කහ වතුර. හැමෝම ඒ ගොල්ලො විකුනන ඒවා මගේ මූණ ඉස්සරහට දික් කරනව. “ගන්න නෝන. ගන්න”. පොඩි ළම්යින්ගෙ ඇඳුම්, කෑම ජාති, ඉලෙක්ට්‍රොනික් බඩු. මේවා ඔක්කොම මග ඇර ඇර , වතුර පාග ගන්නෙ නැතුව, අනිත් මිනිස්සුන්ගෙ ඇඟේ හැප්පෙන්නෙත් නැතුව යන එක හරිම අමාරු වැඩක්.

ඉතින් මම ගියා අදත් ඔය වගේ මීගමුව බස් එක තියන තැන හොයාගෙන. බස් එකට නගින්න කලින් පොඩි Sprite බෝතලයකුත් , සීනි බනිස් දෙකකුත් ගත්ත. කොහොමත් සල්ලි මාරු කරගන්නත් ඕන වෙලා තිබුනෙ.

බස් එක හිස්. දැන්ම යන පාටක් නැහැ. මමත් ඉතින් හරි බරි ගැහිල අයිනක වාඩි වුනා. ඔන්න නගිනවා බස් වෙළෙන්දෝ. දොඩම් ගෙඩි, වතුර බෝතල්, කතන්දර පොත්, කඩචෝරු අරගෙන බස් එකෙන් බස් එකට නගිනව. මමත් ගත්ත පෙපර්මින්ට් පැකට් එකක්, වෙන මොනවටවත් නෙමෙයි, මේ එක්කෙනෙක්ගෙ පින්තූරයක් ගන්න.

ටිකකින් ඔන්න අපේ අම්මගෙ වයසෙ විතර ගැහුණු කෙනෙක් නැග්ගා බස් එකට. පිළිවෙලට අඳල, පියරු දාල. මම දිහා බලල හිනා වෙලා, “අනේ දුවේ, මම වාඩි වෙන්නද ඔයා ලඟින්?” කියල ඇහුව. මමත් ඉතින් ඔලුව වැනුව. ලඟින් වාඩි වෙලා මේ ගැහැණු කෙනා කියනව, “ගිය පාරත් මම වාඩි වුනේ ඔයා වගේ ගැහැණු ළමයෙක් ගාව.

අනේ දුවේ මම දන්නෙ නැහැ සීදුවට යන හැටි. ඔයා යන්නෙ කොහෙටද?” මම ඇත්තටම මීගමුවට යන අතරමග වත්තල නැවතිල පොඩි වැඩකුත් කරගෙන යන්න බලාගෙන තමයි බස් එකට නැග්ගෙ. ඉතින් මම කිව්වා, මම යන්නෙ වත්තලට , හැබැයි කොන්දොස්තරට කිව්වොත් හරි තැනින් බස්සයි” කියල. ඒක තමයි නේද දුවේ කියල මේ ගැහැණු කෙනා ගත්ත phone එකකුයි, recharge card එකකුයි එලියට.”අනේ දුවේ මේක දාල දෙනවද? මම දන්නෙ නැහැ ඕව දාන්න.” ඉතින් මම ගත්ත දෙකම. බලනකොට, phone එකේ keys වැඩ කරන්නෙ නැහැ. ඉතින් මම කිව්ව, aunty, මේකේ keys වැඩ කරන්නෙ නැහැ.මොකද කරන්නෙ කියල.

“අනේ දුවේ, අපේ පුතා තව යාලුවො තුන් දෙනෙක් එක්කල ඔන්න සීදුවෙන් ගෙයක් අරගෙන පාටි දදා ඉන්නව. මේ අවුරුද්දෙ තමයි A/L කරන්නෙ. ඔහොම ඉන්න දෙන්න පුලුවන්යැ. මම ඉතින් එයාටත් හොරෙන් මේ සීදුවට යනව ගිහිල්ල කනෙන් ඇදගෙන එන්න. අපේ දුවත් ඉන්නෙ සීදුවෙ තමය්, ඒ වුනාට, අපේ පුතා අහන්නෙ නැහැ දුව කියන ඒවා. මහත්තයට cඅල්ල් කරල කියන්න ඔනේ මම බස් එකට නැග්ග කියල. දුවට කියන්න  ඕනෙ සීදුව හන්දියට එන්න කියල මාව ගන්න.”

ඉතින් මම මගේ phone එක දුන්න එයාට call ගන්න.

ඊට පස්සෙ මේ ගැහැණු කෙනා ඉඟුරු බිස්කට් පැකට් එකක් අරගෙන මට බල කරනවා කන්න කියල. මට ටිකක් බයයිත්. කවුද දන්නෙ ඉතින්,මේ කාලෙ කාවවත් විශ්වාස කරන්න බැහැනෙ. මට මතක් වුනා මගේ බෑග් එකේ තියෙන ලැප්ටොප් එකයි, කැමරාවයි. අනේ මම වගේ මෝඩයෙක්! කිය කිය මටම බැනගත්තත් වැඩක් වුනේ නැහැ. මේ ගැහැණු කෙනාගෙන් බේරෙන්න බැහැ. මම මගේ අතේ තිබුනු බනිසුයි බීමයි දුන්නට එයා ගත්තෙ නැහැ.

ඔන්න ඉතින් බස් එක යන්න පටන් ගත්ත. මම බස් වල යනකොට වැඩිය කතා කරන්න ආස නැහැ. හුලන් වැදි වැදි එළිය බලා ගෙන , මට ගන්න බැරි වෙන photos ගැන හිත හිත යන්න තමයි මම කැමැති. ඒ වුනාට කොහෙද මෙයා නෙමෙයි අත අරින්නෙ.

දුව කොහෙද වැඩ කරන්නෙ?

මම advertising company එකක තමයි වැඩ කරන්නෙ .

ගෙවල්?

පැපිලියානෙ.

වත්තල යන්නෙ?

පොඩි වැඩකට.

බැඳලද?

ඔව්. (සිනාවක්)

අනේ ඔයා හරි ලස්සනයි දූ. අපේ දූ වගේමයි. බබාල නැද්ද?

නැහැ. නැහැ.

මහත්තයා ඔහොම යන්න දෙනවද?

එහෙම දෙයක් නැහැ. අපි බොහොම ස්වාධීනයි.

අනේ, අපේ දුවට පාරටවත් යන්න දෙන්නෙ නැහැනෙ එයාගෙ මහත්තයා. මට හරි පව් කියල හිතෙනව. ඔහොම බැහැනෙ නේද දූ? දැන් කොච්චර කල්ද බැඳල? ඇයි බබාල හදන්නෙ නැත්තෙ?

තාම මාස හයයි බැඳල aunty. දැන්ම බැහැ.

ආ.. පෙති බොනවද? මුකුත් ගන්න එපා දූ. ඕව හොඳ නැහැ ඇඟට.

මට ඉතින් ටිකකින් තේරුනා, මගේ ජීවිතේ ගොඩක් තොරතුරු මේ ගෑනු කෙනාට මම නොහිතම කිව්ව නේද කියල.

ඔන්න ඉතින් බස් එක වත්තලට ආව. මම බහින්න ලන් වෙලා. මම ඉතින් පරිස්සමින් බහින්න කියල, බහින ගමන් කොන්දොස්තරටත් සීදුවේ prima එක ගාව මේ ගැහැණු කෙනාව බස්සන්න කියල මම බැස්ස.

වත්තල මගේ වැඩේ කරගෙන, ආපහු මීගමුවක් හොයාගෙන නගිනකොට, මාව හොඳටම අව්වට පිච්චිලා. හරිම මහින්සියි. මීගමුවට ගිහිල්ල ගෙදර යන්න 34ක් හොයනකොට 34 නැහැ. 34 නාම පුවරුව තියනව, බස් එක නැහැ.

ඉතින් ඉඳගත්ත බන්කුවක. Sprite බෝතලේ බිබී, බනිස් කෑල්ලක් කකා මීගමුව කාශ්ඨකය දිහා බලාගෙන හිටිය.

ඔන්න එතකොට මම ගාවට ආව නාකි සීයා කෙනෙක්. කොන්ඩෙ සුදුම සුදුයි. මිටියි . සරමක් ඇඳල. රෙදි පාපිසි ගොඩක් කරේ තියාගෙන.

“මේ, කුරුණෑගල බස් නවත්තන තැනද?”

“ඔව්,බස් නන්ග් නෑ තාම.”

“අයියෝ! බස් එන එකක් නැද්ද?”

“එයි එයි. පොඩ්ඩක් ඉම්මු.”

ඉතින් ඉන්නවා.

බස් නැහැ.

ටිකකින් එනවා දාඩිය පෙරා ගත්තු තරුණ කොන්දොස්තරවරයෙක්. 34 ! 34 !! මෙතන නෑ. අහරේ නවත්තලා !! එන්න ! එන්න !! මිනිහා බෙරිහන් දෙනවා.

මම ඉතින් සීයාට කිව්වා, “සීයේ, 34 ඈත නවත්තලා තියෙන්නෙ. යමු !” කියලා.

සීයා ඉතින් බස් කාරයින්ට බැන බැන, මාත් එක්ක ඇවිල්ල නැග්ගා බස් එකට. මම ඉඳ ගත්ත රියදුරාට පිටි පස්සෙ සීට් එකේ. සීයත් ඉඳ ගත්තා මාත් එක්කම. පාපිසි ගොඩ දැම්ම රියදුරා ගාවට. මම යනවා පන්නලට. සීය කියනවා මට. මම මාකඳුරෙන් බහිනව සීයෙ. මම කිව්ව. හොඳයි හොඳයි කියල සීය සරමෙ ගැට ගහල තිබුනු සල්ලි ඔක්කොම සීට් එක උඩ දාල ගනන් කරන්න ගත්ත.  “අප්පා , මම හිතුව සල්ලි ටික මග වැටිලද කියල” . සීය මට කියනව.

ඔන්න ඉතින් බස් එක යනවා. කට්ට කර වෙච්ච මට හුලන් ටිකක් වැදෙනව. මගේ කොන්ඩෙ මගේ කලු වෙච්ච මූනට ඇලෙනව. මට පේනව ඉස්සරහ වීදුරුවෙන් මගේ ඇස් යට ගිහිල්ල.

ඩෙනිම් එක දාඩියට කකුල් වලට ඇලිල. බස් එකේ කට කපල මිනිස්සු. මම කීප දෙනෙකුගෙම බෑග් ගන්නව දැක්ක  සීයත්, කීප දෙනෙක්ගෙම බෑග් අරගෙන ඔඩොක්කුවෙ තියා ගත්ත. ගෑනු දෙන්නෙක් රන්ඩු වුනා එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙ කකුල පෑගුව කියල.

අපේ ගමට ආව විතරයි කාලගුණය එකපාරට වෙනස් වෙලා අහස කලු වෙන්න ගත්ත. මම වීදුරුවෙන් එළියට ඔලුව දාගෙන බලු පැටියෙක් වගේ හුළඟ විඳිනවා. කොන්ඩෙ කොට කෑලි හැම තැනම හුළඟට යනව. අව්වට පිච්චිච්ච මගේ හමට සනීපයි. ටිකකින් ලොකු ලොකු වතුර බින්දු වැටෙන්න ගත්ත. මම නෙමේ ජනේලෙන් අයින් වෙන්නෙ. බස් එක කොච්චර හයියෙන් යනවද කිව්වොත් වතුර ඇතුලට එන්නෙ නෑ.

මාකඳුර හන්දියෙ බස් එක නැවැත්තුවම, මම ජනේලෙ වැහුව පොඩ්ඩක් ඉඩ තියල හුලන් එන්න.

31 කනුව ළඟ බස් එක නවත්තනකොට ධාරානිපාත වැස්ස. මම බස් එකෙන් බිමට පැනල තෙමි තෙමි පාර අයිනෙ බන්ඩ මාමගෙ කඩේ ඇතුලට දිව්ව.

ඔන්න අපේ අම්ම එනව කාර් එකේ මාව ගෙදර ගෙනියන්න. Yay ! : )

Advertisements

7 thoughts on “බස් එකෙන් ගෙදර ඒම.

  1. It is now only I stumbled upon your blog. Went back and forth on the blog and found it truly interesting. Good work. In my opinion you should try to focus more on food related posts as you are really good at it (pictorial). Cheers and good luck.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s